ඔයාලා අහලා තියෙනවා නේද 4n Root කරනවා කියලා.මාත් හැබැයි 4n එක Root කරන්න බය වුනා.4n එකට මොකක් හරි වෙයි කියලා.පස්සෙ මං ඒ ගැන දන්න යාළුවන්ගෙන් ,internet එකෙන් හොයලා ඒ ගැන හොදටම දැනගත්තා.
4n එකක් Root කලාට පස්සෙ දුරකථන පරිශීලකයාට ,දුරකථනය නිෂ්පාදක සමාගම විසින් නිපදවන ලද සීමා අභිබවා යමින් දුරකථනයෙන් වැඩි පරාසයක පැතුරුනු වාසියක් ලබා ගැනිමට හැකියාව ඇත.
බොහෝ දෙනා දුරකථන Root කිරිමට යොමු නොවන්නේ එක් එක් දුරකථන වල Root කිරිමේ ක්‍රියාවලිය විවිධාකාර විම නිසාය.
කෙසේ වුවද Kinroot app එක මගින් Samsung,sony,LG,HTC,Huawei යන දුරකථන මාදිලි රාශියක් පරිගනකය ආධාරයෙන් තොරවම Root කරගැනිමේ හැකියාව ලැබේ.
Kinroot ඔයාලාට Google play store හරහා ලබාගත නොහැකි අතර එය ලබා ගැනිමට ඔයාලා Kinroot යන්න අන්තර්ජාලයේ search කිරිම මගින් භාවිතා කල හැක.
මෙම app එක usb කේබලයකින් දුරකථනයට copy කර ,install කිරිමට පෙර ඔබේ දුරකතනයේ setting තුල ඇති (Developer option) හි Unknow sources යන පහසුකම සක්‍රිය කල යුතුය.
App එක ධාවනය කිරිමට පෙර ඔබේ දුරකතනයේ දත්ත backup කර තබා ගැනිමට ද හොඳ අදහසකි.මේ සියල්ලෙන්ම පසුව ඔබට Kinroot app එක ධාවනය කිරිමට හැක.
ධාවනය කල පසු Kinroot මගින් ඔයාලාගේ දුරකථනය Root කර ඇතිදැයි පවසනු ඇත.එසේ නොමැති නම් ඔයාලාට “Try to root” නම් විධානය සහිත තිරයක් ලැබෙනු ඇත.
“Try to root” විධානය ස්පර්ශ කිරිමෙන් පසු Root කිරිමේ ක්‍රියවලිය ඇරඹෙන අතර එයට තරමක වේලාවක් ගත වනු ඇත.තවද මේ කාලය තුල දුරකථනය Restart විමට හැකි වේ.
එහෙනම් වැඩේ දැන් හරි සියල්ල සාර්ථක වුවහොත් තිරයේ ඔටුන්නක සලකුනක් හා Root obatained නම් වැකියක් ද පෙන්වයි.ඒ කියන්නෙ වැඩේ ගොඩ කියලා.ඔයාලාට තවත් තහවුරු කර ගන්න නම් Play store හි Root checker app එක මගින් ලබා ගත හැක.

No comments:
Post a Comment