Sunday, May 22, 2016
MALVERTINSING යනු කුමක්ද?
ඉතින් යාළුවනේ මොකෝ වෙන්නේ අද කියලා දෙන්න හිතුනා වෛරස් ගැන.දැන් ලොව පරිගනක වලට වින කරන බොහො software හෙවත් MALWERE විවිධ ක්‍රම වලින් ඔයාලාගේ පරිගනකයට ඇතුල්විමට උත්සහ කරනවා.
Malawertising කියන්නෙ අහිතකර හා හානිදායක වැඩසටහන් ඔයාලාගේ computer එකට රිංගා ගැනිමට උත්සහ කරන විදියකි.
Malawertising පිලිබඳ වර්තමානයේ ඉතාමත් අහිතකර වේගයකින් ප්‍රචලිත වෙමින් පවති.නිතයානුකුල වෙබ් අඩවි වල ඇති ADS තුල මෙම Malware කේත සඟවා ඒවා click කල විට ඔයාලාගේ පරිගනකය තුල පිවිසිමට උත්සහ කිරිම Malavertising වේ.
සාම්ප්‍රදායිකව Malware අන්තර්ජාලය තුල ප්‍රචාරණය වන්නේ අහිතකර software download කර install කල විට හෝ ඔබේ පරිගනකයේ ඇති update නොකල හෝ අනාරක්ෂිත pluging මගින් java,Flash player හෝ adobe reader වැනි software වල දුබලතා හරහාය.
Malavertising හිදි අහිතකර flash content හා විවිධාකාර scripts නිතයානුකුල වෙබ් අඩවි වල නිතයානුකුල ADS තුලට අනවසරයෙන් සැගවිමට මෙහි නිර්මාණකරුවෝ ක්‍රියා කරති.මේවා click කල විට ක්‍රියාත්මක වන අතර ඔයාලාගේ software වල මෙහෙයුම් පද්ධතිය හෝ බ්‍රවුසරයේ දුබලතා ඉලක්ක කරගෙන මෙම Malware ඔයාලාගේ පරිගනකයට ඇතුල් වෙනවා.
ඒ හින්දා ඔයාලාගේ පරිගනකය Malavertising වලින් ආරක්ෂක කර ගැනිම අවශ්‍ය වේ.ADS Block Extention එකක් භාවිතා කිරිම මුලික විසඳුමයි.සමහර වෙබ් අඩවි වල ස්වයංක්‍රීයව ධාවනය වන Flash content හරහා ද මෙම Malware පැතිරිමට හැකිය.
PLUGINS පිළිබඳ සැලකිලිමත් විම
නිතර භාවිතා කරන plugins හැර අනවශ්‍ය plugins ඉවත් කිරිමට හොද අදහසකි.ඔයාලාගේ එකේ plugins අඩුවන තරමට එයට හානි පැමිනිමට හැකි අවස්ථා අවම වේ.එයට අඩු plugins සංඛයාවක් තිබිම web Browser එකෙ වේගවත් ක්‍රියාකාරිත්වයට මග සලකයි.
Plugins update කර තැබිම
Browser හා software පමනක් නොව Plugins ද හැමවිට update කර තැබිම වැදගත් ය.Google chrome,Microsoft edge හා windows 8,8.1 හා 10 internet explorer ඇතිනම් එමගින් ස්වයංක්‍රියව flash update කරනු ලැබේ.
ඔයාලා windows 7 හි internet explorer හා අනෙක් මෙහෙයුම් පද්ධති වලද opera,firefox,safari for windowsභාවිතා කරයි නම් MAC os system preferances තුලින් flash update කල හැක.
කෙසේ වුවද තවමත් වැඩි ප්‍රමාණයක් Malawertising වැඩසටහන් Microsoft windows ඉලක්ක කරගෙන ක්‍රියා කරන අතර Linux,Mac os වැනි මෙහෙයුම් පද්ධති සඳහා ඉලක්ක නොකලද හැම විටම ප්‍රවේශම් සහිතව කටයුතු කිරිම ඔබේ ආරක්ෂාවට මුලික විය හැක..
Labels:
Int trick
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment