Monday, May 9, 2016

වැඩ කරන්නෙ නැති Hard Disk එකක් හදා ගන්න බලමු.









  මේ කියලා දෙන වැඩේ නම් ගොඩක් අයට වටිනවා මොකද ඔයාලා ඕනි තරම් වැඩකට නැති Hard Disk අයින් කරලා ඇතිනේ .ඉතින් වේලාවක් තියෙන වෙලාවක මේ දේ කරලා බලන්නකෝ.අයෙත් ඒ අයින් කරපු එකෙන් වැඩක් ගන්න ලැබුනොත් ලොකු දෙයක් නේ.



1.අදාළ hard disk එක සම්බන්ධ කළ විට පරිගණකය මන්දගාමී වීම.

2.Blos වලින් විතරක් hard disk එකක් විදියට පෙන්වන hard disk.

3.මෙහෙයුම් පද්ධති දන්න දෙන්නෙ නැති hard disk.

4.formet කරන්න බැරි hard disk.

5.මීට අමතර තව නොයෙකුත් ලෙඩ තියෙන hard disk.

ඒ වගේම hard disk එක හදාගන්න නම් power connecter එක සම්බන්ධ කළ විට hard disk එකේ මෝටරය අනිවාර්යයෙන් වැඩ කළ යුතුයි.

1.hard disk එක ගලවා එලියට ගන්න.



2.එකේ mother board එක පැත්තෙ තියෙන ඇණ ටික ගලවා ඉවතට ගන්න.

3.mother board එකෙ වයර් එක පන්නා mother board එක එලියට ගන්න.


4.දැන් යටින් තියෙන කුෂන් එක අයින් කරන්න. ඒත් පරිස්සමෙන් අස්සට දුවිලි ගියොත් වැඩේ ඉවරම තමා.

5.mother board එකේ යට hard disk එකට සම්බන්ධ කර ඇති සිහින් කම්බි මකන කැල්ලකින් හෙමින් සැරේ පිහදාන්න .ඒ විදියට hard disk එකේ pin ටිකත් පිහදාන්න .ඒ විදියට පිස දමා නැවත තිබු ආකාරයටම සවි කරන්න.

6.දැන් පරිගනකයට සම්බන්ධ කරලා Blos වලට ගිහින් බලන්න hard disk එක පෙන්නවාද?කියලා.

පෙන්නවානම් windows xp cd එකෙන් boot කර hard disk එකේ සියලුම partision delect කර නැවත partision create කරන්න.අවශH දෙවල් තියෙනවානම් වෙනත් hard එකකට copy කර හෝ backup කර ගන්න.

**මේ සඳහා win xp cd හැර වෙනත් os එකක් සහිත CD/DVD භාවිතා නොකරන්න.එසේ කලහොත් සමහර partision delect කර නැවත සැකසීමට නොහැකි වේ.

No comments:

Post a Comment