
රවුටරයට සම්බන්ධ වි ලැප්ටොප් පරිගණකයෙන් එය ලබා ගැනිම.
ඔයාලාගේ windows ධාවනය වන ලැප්ටොප් පරිගණකයක් wifi හරහා අදාළ රවුටරයට සම්බන්ධ වි ඇතිනම් ඔබට ඉතා පහසුවෙන් wifi මුරපදය එමගින් ලබාගත හැක.
Windows key + R හරහා RUN තුලට පිවිසි එහි ncpa.cpl ලෙස type කර enter කරන්න.එහි ඔයාලාගේ පරිගනකය සම්බන්ධ වි ඇති රවුටරය දර්ශනය කෙරෙනු ඇත.
එහි Right click කර ,status වෙතට පිවිසි “security” tab එක තොරා ගන්න.එහි “show characters” විධානය සක්‍රිය කල විට අදාළ wifi ජාලයෙහි මුරපදය දර්ශනය කරනු ඇත.
රවුටරයෙන්ම password එක ලබා ගැනිම.
ඔයාලට wifi හරහා රවුටරයට සම්බන්ධ්ත උපාංගයක් නොමැතිනම් රවුටරයට කේබලයකින් සම්බන්ධිත එක ලබා ගත හැක.
මේ සඳහා ඔයාලා කරන්න ඕනි රවුටරය කේබලයකින් පරිගණකයට සම්බන්ධ කර ඔබේ web browser එකට පිවිසිමයි. web browser එකෙහි බොහෝ විට 192.168.1.1 type කර enter කල විට රවුටරයෙ settings මෙනුවට පිවිසිය හැක.මෙහිදි ඔයාලාට Administrator password එක type කිරිමට සිදුවේ.
ඉහත 192.168.1.1 අංකය බොහෝ රවුටර්වල address එක වුවද ඔබේ එය නොවෙයි නම් ඔබේ රවුටරයේ වර්ගය හා model එක google හි search කර එයසොයා ගත හැක.
මේ post එකේ වැරදි අඩුපඩු තියෙනවානම් කියලා දෙන්න.මොකද වැරදි තියෙන්න පුළුවන්නෙ .

No comments:
Post a Comment