අද මං ලියන්න හිතුනෙ hacking ගැන post එකක් ඔයාලාත් කැමැතිනේ hacking ගැන ඉගෙන ගන්න.Hacking ලෙස හඳුන්වන්නෙ අනවසරයෙන් පිවිසිම හා අන්සතු දෙයක් හොරකම් කිරිමක්.මේ post එකෙන් උත්සහ කරන්නෙ hacking ගැන ඔයාලාට දැනුමක් ලබා දෙන්න.
සරලව පවසනවා නම් වෙනත් පරිගණකයට හෝ පද්ධතියට හෝ ජාලයකට අනවසරයෙන් ඇතුලත් විම හැකින් ලෙස හඳුන්වයි.හැකරැන් මුලික වර්ග 2කි .
1) white hat hackers (සුදු තෝප්පිකාර හැකරැන් )
*පරිගණකයක සහ ජාල ආරක්ෂක ප්‍රමුඛන් ලෙස හැදින්වේ.මොවුන් සිය දැනුම සිය ආයතනයේ ආරක්ෂාව උදෙසා භාවිතා කරයි.මොවුන් පද්ධතියකට අනවසරයෙන් ඇතුළු වුවත් ඒ අවශ්‍යම හේතුවක් නිසා පමණක් වන අතර සැම විටම හානිකර හැකරැන්ගෙන් පරිගණක පද්ධති බේරාගැනීම ප්‍රමුඛව කොට වැඩ කරයි.
2) Black hat hackers (කළු තොප්පිකාර හැකරැන් )
* මොහුන් සැඟවී ජිවත්වන්නන් වන අතර නිති විරෝධී හා අනවසර ඇතුළුවිම් හානිකර කටයුතු සදහා යොදා ගනි.හානිකර හේතුන් සඳහා ජාලයකට හෝ පරිගණක පද්ධතියට ඇතුළු වන්නන් වේ.

3) Gray hat hackers
* ඉහත දෙපාර්ශවයේම එකතුවක් ලෙස හැඳින්වේ.අන්තර්ජාලය තුල සැරිසරමින් අනෙක් ජාල තුල ඇතුළු වේ.මොහුන් බොහෝ දුරට සුළු මුදලක් සඳහා පද්ධති හා ජාල වල ආරක්ෂිත ස්ථාන අලුත් වැඩියා කරයි.
4) Elite hacker
* විෂයේ දැවැන්තයෝ මෙම නමින් හඳුන්වයි.නව අනාරක්ෂිත ස්ථාන සොයන්නන්,නව ඇතුළු වන ක්‍රම සොයන්නන් මෙම ඝනයේ ලා සැලකේ.සරලව කියන්නෙ නම් වැඩ්ඩන් හා වැඩකරුවන් ලෙස මොහුන් හැදින්වේ.
5) Script kiddie
*කිසිම හැකිං පිළිබඳ දැනුමක් නැති, අවබෝධයක් නැති අය වේ.අනිත් පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලද Application ආධාරයෙන් වැඩ ගන්නො වෙති.
6) Neophyte
*සමහර තමන් වැඩ්ඩන් යයි සිතා සිටින්නන් කිසිදු දෙයක් නොදන්නා නමුත් වැඩකරුවකු යැයි -පෙන්වන්නන් ය.(noob,හා newbie) නමින්ද හඳුන්වයි.
6)Blue hat
*පද්ධති වල ආරක්ෂාව සොයා බලන්නන් මේ නමින් හැඳින්වේ.
7)Hacktivist
*සමාජ,ආගමික,දේශපාලන අවශ්‍යතා සඳහා ඇතුළු වන්නන්.
ඔන්න යාළුවනේ ඔයාලා මොන වගේ hacker කෙනෙක් වෙන්නද කැමැති කියලා බලන්නකෝ.

No comments:
Post a Comment